Header

Sri Lanka Army

Defender of the Nation

22nd August 2022 18:45:21 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සිය බලප්‍රදේශයේ ක්‍ෂේත්‍ර නිරීක්‍ෂණ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල අගෝස්තු මස 17 සහ 18 යන දෙදින තුළ 61 සේනාංක මූලස්ථානය, 612 බලසේනා මූලස්ථානය, 613 බලසේනා මූලස්ථානය සහ ඒ යටතේ පාලනය වන ඒකකයන්වල ක්‍ෂේත්‍ර නිරීක්‍ෂණ සංචාරයක නිරත විය.

එම සංචාරයේදී, ප්‍රජා සේවා, ආරක්‍ෂාව, සුබසාධන ව්‍යාපෘති සහ අනෙකුත් වැදගත්වන කරුණු සම්බන්ධයෙන්, ආයතනයන්වල කාර්යභාරය පිළිබඳව මෙන්ම ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන් විසින් ඔවුන්ගේ කාර්යභාර්ය පිළිබද මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල දැනුවත් කළේය.

මෙම දෙදින සංචාරයේදී භටපිරිස් ඇමතු ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර යුද්ධ හමුදා සාමාජිකයන්ගේ විනය, පිරිස් කළමනාකරණය, කාර්යබහුලත්වයත් සමඟ රාජකාරි ඉටුකිරීම, සමාජ මාධ්‍ය භාවිතය, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම, වාහන අනතුරු සහ එවා වලක්වාගැනීමට ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබද කරුණු අවධාරණය කළේය. තවද මෑත කාලීණව භටපිරිස් විසින් ඉටුකරන ලද රාජකාරි භූමිකාවන් ද අගය කළහ. තවද මෙම සංචාරයේදී කඳවුරුවල ඇති පහසුකම්, මුළුතැන්ගෙයි උපකරණ සහ සපයා ඇති අනෙකුත් සියලුම පහසුකම් එතුමන්ගේ නිරීක්‍ෂණයට ලක්විය.

මෙම සංචාරය සඳහා 61 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මොහාන් රත්නායක, බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බ්‍රිගේඩියර් පාලන හා භටකාර්ය සම්පාදන, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර බ්‍රිගේඩියර් (සම්බන්ධීකරණ) සහ 61 සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.