22nd August 2022 18:46:24 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය විසින් සෙසු නිලයන්ගේ භාෂා කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය හි මාසයක ඉංග්‍රීසි ප්‍රවීණතා පාඨමාලාවක් පවත්වන ලදී.
පාඨමාලාවේ සහතිකපත්‍ර ප්‍රධානෝත්සවය ඉකුත් බ්‍රහස්පතින්දා (18) දින පැවැත් වූ අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජේසුන්දර සහභාගී විය.
පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස සාමාන්‍ය සෙබල ඒ.පී.ඩී ද සිල්වා පත්වූ අතර, දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් කෝප්‍රල් එම්.ඒ.එන්.ඒ.බී ජයසිංහ සහ තුවක්කු සෙබල පී.එච්.කේ පනාගොඩ විසින් හිමිකර ගත්හ.
මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු නියෝජනය කරමින් සෙසුනිලයින් තිස් දෙදෙනෙකු සහභාගී වූ අතර, ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද විවිධ ප්‍රශංගයෙන් ත්‍යාග ප්‍රධානෝත්සවය වර්ණවත් විය.
ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි සහ මාණ්ඩලික නිලධාරීන්, එ්කක අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගි වූහ.