Header

Sri Lanka Army

Defender of the Nation

22nd August 2022 18:48:35 Hours

යුද්ධ හමුදාවේ නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව දියත්කරමින් තවත් නව නිවාසක් ප්‍රතිලාභීන් වෙත පවරාදෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් පරිදි ජීව දානය හා කාය දානය ලබාදුන් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්, සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන්ගේ පවුල් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතීන් යුද්ධ හමුදාව විසින් අඛණ්ඩව සිදුකරනු ලබයි.

යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා නිවාස ඉදිකිරිමේ ව්‍යාපෘතිය තවත් පුළුල් කරමින් උතුරුමැද පළාතේ තවත් නව නිවාස දෙකක් ඉදිකරන ලදී. යුද්ධ හමුදා භටපිරිස්වල ඉංජිනේරු, තාක්‍ෂණික සහ ශ්‍රමදායකත්ව ඇතිව කැබිතිගොල්ලෑව, කණුගහවැව ප්‍රදේශයේ ජීවත්වන වූ මියගිය සාමාන්‍ය සෙබල ඩී.එස් ශාන්තගේ පවුලේ සාමාජිකයන් සඳහා ඉදිකරනු ලැබු නව නිවස විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා සෙනසුරාදා (20) දින ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය.

මෙම නව නිවස ඉදිකිරිම සඳහා සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් අනිල් පීරිස් ගේ සම්බන්ධීකරණයෙන් මූල්‍ය අනුග්‍රහ‍ය නුගේගොඩ ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකු වන අජන්ත වාස් ගුණසේකර මහතා විසින් ලබාදුන් අතර, ඒ සඳහා රුපියල් මිලියන 1.1 ක මුදලක් පරිත්‍යාග කරන ලදී.

නව නිවස විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය. තවද එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණිය, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහ බ්‍රිගේඩියර් අනිල් පීරිස් සහභාගී වූහ. එහිදි ආගමික වතාවත් හා චාරිත්‍රානූකූලව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් නව නිවස විවෘත කරන ලදී.

මියගිය සාමාන්‍ය සෙබල ඩී.එස් ශාන්තගේ බිරිද සුසන්ති රේණුකා මහත්මිය ඇතුලු පවුලේ සාමාජිකයන් විසින් සංකේතාත්මකව නව නිවසේ යතුර භාර ගන්නා ලදී. එම අවස්ථාවේදී ජානකී ලියනගේ මැතිණිය විසින් ප්‍රතිලාභී පවුලේ සාමාජිකයන් සඳහා නිවසට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාර්සල් ප්‍රදානය කළාය.

නව නිවස විවෘත කිරිමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිනි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ 21 සේනාංකයේ සේනාංකාධිපති සහ 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිළධාරී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එහිදි මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා යුද්ධ හමුදාව විසින් ඉදිකරන නව නිවසේ යතුර ප්‍රතිලාභී පවුල වෙත ප්‍රදානය කරන ලදී.

මෙම නිවස විවෘත කිරිමේ උත්සව අවස්ථාවන් සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ, 62 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි, 21 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් අනිල් පීරිස්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, එම පවුල් දෙකේ පවුල්වල සාමාජිකයින්, ඉදිකිරීම් සඳහා දායක වූ ඥාතීන් සහ භටපිරිස් සහභාගි වූහ.