Header

Sri Lanka Army

Defender of the Nation

24th August 2022 20:30:13 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකර දෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ලබාදුන් උපදෙස් මත ජීව දානය හා කාය දානය ලබාදුන් රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්, සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් වැසියන්ගේ පවුල් සඳහා නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතීන් යුද්ධ හමුදාව විසින් අඛණ්ඩව සිදුකරනු ලබයි.

තන්තිරිමලේ දෙමටමල්ගම ප්‍රදේශයේ පදිංචි විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවගෙවන පවුලක් සඳහා යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකරනු ලැබු නව නිවස විවෘත කිරීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගී විය.

මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂ බලමුළුවේ රෙජිමේන්තු අධිපති සහ 5 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ සේවයේ නියුතු භටපිරිස් විසින් සිදුකරන ලදී. බ්‍රිගේඩියර් අනිල් පීරිස් ගේ සම්බන්ධීකරණයෙන් මෙම නව නිවස ඉදිකිරීම සඳහා ද පරිත්‍යාගශීලි අජන්ත වාස් ගුණසේකර මහතා රුපියල් මිලියන 1.1ක් පරිත්‍යාග කරන ලදී.

නව නිවස විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී විය. තවද එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මැතිණිය, ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ සහ බ්‍රිගේඩියර් අනිල් පීරිස් සහභාගී වූහ. එහිදි ආගමික වතාවත් හා චාරිත්‍රානූකූලව ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් නව නිවස විවෘත කරන ලදී.

සිවිල් සේවක මහතාගේ බිරිඳ වන තන්තිරිමලේ දෙමටමල්ගම පදිංචි ඩී දිනේෂිකා සිරිපාල මහත්මිය විසින් සංකේතාත්මකව යතුරු භාර ගන්නා ලදී. එම අවස්ථාවේදී ජානකී ලියනගේ මැතිණිය විසින් ප්‍රතිලාභී පවුල වෙත නිවසට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාර්සල් ප්‍රදානය කළාය.

නව නිවස විවෘත කිරිමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ 21 සේනාංකයේ සේනාංකාධිපති සහ 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිළධාරී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එහිදි මහා සංඝරත්නයේ සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් යුද්ධ හමුදාව විසින් ඉදිකරනු ලැබු නව නිවසේ යතුර ප්‍රතිලාභී පවුල වෙත ප්‍රදානය කරන ලදී.

මෙම නිවස විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ, 62 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි, 21 සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් නිශ්ශංක ඊරියගම, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් අනිල් පීරිස්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, එම පවුල් දෙකේ පවුල්වල සාමාජිකයින්, ඉදිකිරීම් සඳහා දායක වූ ඥාතීන් සහ භටපිරිස් සහභාගි වූහ.