19th August 2022 20:30:16 Hours
රුහුණු මහා කතරගම දේවාලයේ පසුගියදා පැවති ‘ඇසළ පෙරහැර’ සංවිධායකයින්ට අවශ්‍ය පරිදි චාරිත්‍රානූකූලව පැවැත්වීම සඳහා අවශ්‍ය සහයෝගය හම්බන්තොට ස්ථාපිත 12 සේනාංක මූලස්ථානය විසින් ලබාදුන්හ.
ඒ අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 3 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂ බලමුළුව සහ 9 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බළකාය රාජ්‍ය ආයතන සමඟ සහයෝගයෙන් පෙරහැරට අවශ්‍ය ආරක්‍ෂාව සහ කළමනාකරණ සඳහා සහාය ලබා දෙන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වාගේ උපදෙස් මත 12 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල විසින් රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර පැවැත්වීම සඳහා යුද්ධ හමුදාවෙන් සිදුකරනු ලැබු කටයුතු අධීක්‍ෂණය කරමින් අවශ්‍ය සහයෝගය ලබාදෙන ලදී.