18th August 2022 15:58:47 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා පුහුණු දිනයට සමගාමීව ‘විනය තුළින් මුල්‍ය කළමනාකරණය’ මැයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ බහුකාර්ය ශාලාවේදී අගෝස්තු මස 10 දින දේශනයක් පැවැත්විණි.
දිවයිනේ කීර්තිමත් මූල්‍ය ආයතනයක් වන හැටන් නැෂනල් බැංකුව වෙතින් මෙම වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් සිය මානව සම්පත් දායකත්වය ලබාදුන්නේය. මෙම දේශනය හැටන් නැෂනල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර ප්‍රියංකර ජයරත්න මහතාගේ මූලිකත්වයෙන් පැවැත්විණි.
වැටුප් කළමනාකරණය කිරීමේ මූල්‍ය සාක්‍ෂරතාව විනය වන බවත් වත්මන් අභියෝග හමුවේ කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි. තවද, මෙම වැඩසටහන මඟින් පිරිවැය කළමනාකරණය සහ මාසික ආදායම ඉහළ නැංවිය හැකි වෙනත් ආයෝජන වැනි කරුණු පිළිබඳව ද ආවරණය කරන ලදී.
මෙම දේශනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.