17th August 2022 17:23:08 Hours
ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර මේජර් ජෙනරල් සුගත් රත්නායක සිය බලප්‍රදේශයේ පිහිටි සේවා ඒකකයන්හී කාර්යභාරයන් පිළිබඳ සොයාබැලීමේ අරමුණින් අගෝස්තු මස 8 සිට 12 දින දක්වා ඒකක සංචාරයක නිරත විය.
ඒ අනුව, මෙම සංචාරයේදී මේජර් ජෙනරල් සුගත් රත්නායක 3 වන ඉංජිනේරු සේවා බලකාය, 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකාර්මික සහ පශු සම්පත් බලකා කඳවුර වෙත ගොස් එම ඒකකයන්හී කාර්යභාරයන් සහ ක්‍රියාපටිපාටීන් පිළිබඳ සොයාබැලුවේය.
එමෙන්ම, මේජර් ජෙනරල් සුගත් රත්නායක එම ඒකකයන්හී අණදෙන නිලධාරින් සමඟ සුහද සාකච්ඡාවන්හී නිරත වෙමින් එම ඒකකයන්හී කාර්යභාරයන් නිසි ආකාරයෙන් පවත්වාගෙන යාම වෙනුවෙන් උපදෙස් ද ලබාදුන්නේය.