Header

Sri Lanka Army

Defender of the Nation

15th August 2022 16:09:15 Hours

බූවැලිකඩ සංඥා පුහුණු පාසලේදී ‘යුද සාහිත්‍යය’ පිළිබඳව දේශනයක්

බූවැලිකඩ සංඥා පුහුණු පාසල මගින් පවත්වනු ලබන මූලික සංඥා පුහුණු පාඨමාලා අංක 127 හි සිසුන් සඳහා පසුගිය ජූලි මස 30 වන දින ‘යුද සාහිත්‍යය’ පිළිබඳව දේශනයක් පවත්වනු ලැබූහ.

එම දේශනය යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය මගින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘රණවිරුව’ සඟරාවේ කර්තෘ ලුතිනන් කර්නල් සුජිත් චාමින්ද එදිරිසිංහ විසින් පවත්වන ලදී.

දේශනය සඳහා බූවැලිකඩ සංඥා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් දිලන්ත ප්‍රනාන්දු, පාඨමාලා උපදේශකවරුන්, පාඨමාලාව හදාරනු ලබන සිසුන් 137 දෙනෙකු ඇතුළු පිරිසක් සහභාගී වූහ.