Header

Sri Lanka Army

Defender of the Nation

06th August 2022 21:30:48 Hours

නිරාවිය යුද්ධ හමුදා ගොවිපළ පරිශ්‍රයේ බ්‍රොයිලර් කුකුල් මස් නිෂ්පාදනය අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශූසම්පත් බලකායේ භටපිරිස් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් කුකුල් මස් නිෂ්පාදන වැඩසටහනේ පළමු අදියර ලෙස පසුගිය බදාදා (03) දින යුද්ධ හමුදාව වෙතින් පවත්වාගෙන යනු ලබන නිරාවිය ගොවිපළ පරිශ්‍රයේදී කුකුල් පැටවුන් 6,000 ක් සමඟින් බ්‍රොයිලර් කුකුල් මස් ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.

යුද්ධ හමුදාව වෙතින් ආරම්භ කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය සඳහා සහය දක්වමින් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කුකුල් පැටවුන්, නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා උපදේශන සහ අනෙකුත් සියලුම පහසුකම් මින්නේරිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ කුකුල් ගොවිපල සමාගමක් වන LG Farm Private Ltd වෙතින් ලබාදෙනු ලැබීය. මෙම ව්‍යාපෘතියේ පළමු අදියර සාර්ථක වූ පසු දෙවන අදියර යටතේ කුකුල් පැටවුන් 8,000 දක්වා වැඩි කිරීමට නියමිතව ඇත.

බ්‍රොයිලර් කර්මාන්තය යනු කුකුල් පැටවුන් පෝෂණය කර මස් නිෂ්පාදනය සඳහා සූදානම් කිරීමේ ක්‍රියාවලිය වන අතර නිරාවිය යුද්ධ හමුදා ගොවිපල මගින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පරිභෝජනය සඳහා හොඳම කුකුළු මස් ලබාදීමට අපේක්‍ෂා කරයි. කුකුළු මස් සඳහා පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් දීර්ඝ කාලීනව යුද්ධ හමුදා සාමාජිකයින් වෙත මෙම ව්‍යාපෘතිය මඟින් කුකුල් මස් සැපයීමට අපේක්‍ෂා කෙරේ.