Header

Sri Lanka Army

Defender of the Nation

06th August 2022 20:00:48 Hours

‘35th World Sepak Takraw Championship’ ශුරතාවලියේදී යුද්ධ හමුදා පා පන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජය

‘35th World Sepak Takraw Championship’ ශූරතාවලිය වර්ෂ 2022 ජූලි මස 24 දින සිට අගෝස්තු මස 01 දින දක්වා තායිලන්තයේදී පැවති අතර එම ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ යුද්ධ හමුදා පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ස්විට්සර්ලන්තය, බ්‍රසීලය, පාකිස්තානය සහ ඉරාකයේ පා පන්දු කණ්ඩායම් පරජය කරමින් සිය ජයග්‍රහණය තහවුරු කරගනු ලැබූහ.

මෙම තරඟාවලිය සඳහා පා පන්දු ක්‍රීඩකයින් 04 දෙනෙක්, ක්‍රීඩිකාවන් 05 දෙනෙක්, කණ්ඩායම් කළමනාකරු සහ පුහුණුකරු සහභාගී වූහ.

යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති වශයෙන් පිරිස් පාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු විසින් මෙම තරඟාවලිය සඳහා සහභාගී වූ යුද්ධ හමුදා කණ්ඩායමේ අධීක්‍ෂණ කටයුතු සිදුකරනු ලැබීය.