05th August 2022 20:37:53 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ජෙනරාල් ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා පසුගිය බ්‍රහස්පතින්දා (04) දින පැවති චාම් උත්සවයකදී නව ධූරයේ රාජකාරි භාරගනු ලැබීය.
එහිදී, මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී. මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික ධුරය හෙබවූවේය.
මෙම අවස්ථාව සඳහා පාබල අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ. මීට පෙර මෙම ධූරය හෙබවූ මේජර් ජෙනරල් ධම්මි හේවගේ විශ්‍රාම යාමෙන් පසුව මේජර් ජෙනරල් චමින්ද ලමාහේවා නව පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් ධූරය සඳහා පත්කෙරිණි.