02nd August 2022 20:00:23 Hours
මුලතිව් පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පිහිටි 682 වන බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සුබසාධන පහසුකම් තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් ප්‍රතිසංස්කරණය කරන ලද ‘බිම්වාඩිය’ නිවාඩු නිකේතනය පසුගිය දා 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුම සහ 682 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චමින්ද ගලප්පත්ති විසින් සිදුකරනු ලැබූ ආරාධනයකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් සංජය වනසිංහ ගේ සුරතින් විවෘත කරන ලදී.
පරිත්‍යාගශීලීන් විසින් ලබාදුන් මූල්‍ය අනුග්‍රාහකත්වය මත682 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් මෙම නිවාඩු නිකේතනයෙහි කුඩා පිහිනුම් තටාකයක්ද ඉදිකර ඇත.
68 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 682 වන බලසේනාවේ භටපිරිස් හි තාක්‍ෂණික දැනුම යොදාගනිමින් මෙම නිවාඩු නිකේතනයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරන ලදී.