02nd August 2022 20:30:23 Hours
පසුගිය දා මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න පසුගිය සිකුරාදා (29) දින පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි අතර එහිදී, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල ආචාර සහ සුබපැතුම් පිරිනැමිණි.
රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයකදී මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න වෙත එම රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකරනු ලැබූහ.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව සිය රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පිරිනමනු ලබන සම්මාන මුරයේ ගෞරවාචාරය පිළිගැනීම සඳහා එතුමන් වෙත ආරාධනා කරනු ලැබීය. ඉන් අනතුරුව, උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් සිය රෙජිමේන්තුවේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ එක්ව එම අවස්ථාව සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට ද එක්විය.
මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් 4 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා කඳවුරු පරිශ්‍රයේ දී සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණි. එම අවස්ථාවේදී රෙජිමේන්තු අධිපති ප්‍රමුඛ සියලු නිලධාරින් සහ සෙසුනිලයන් නියෝජනය කරමින් මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.