Header

Sri Lanka Army

Defender of the Nation

01st August 2022 22:47:02 Hours

යුද්ධ හමුදා ක්‍රීඩකයින් පළමු පෙළ මේජර් ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ක්‍රිකට් තරඟාවලියකදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම විසින් පළමු පෙළ මේජර් ක්‍රිකට් කණ්ඩායම් 26 ක් පරදවා ප්‍රථම වරට අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබාගනු ලැබීය.

මෙම තරඟාවලිය ‘ඒ’ සහ ‘බී’ වශයෙන් දීප ව්‍යාප්ත කාණ්ඩ දෙකක් යටතේ පැවති අතර, යුද්ධ හමුදා ක්‍රීඩකයින් ‘බී’ කාණ්ඩයෙන් තරඟ වැදුනි.

‘NCC’ පිටියේදී ජුලි මස 30 දින ‘ACE Capital CC’ කණ්ඩායමට එරෙහිව අර්ධ අවසන් පූර්ව වටයේදී තරඟවැදී යුද්ධ හමුදා කණ්ඩායම ලකුණු 123 ක් රැස්කරගනිමින් එම තරඟයේ ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත් විය.

මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය ‘SSC’ පිටියේදී අගෝස්තු මස 2 දින ‘Tamil Union Cricket Club’ කණ්ඩායම සමඟ පැවැත්වේ.

යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් සංජය වනසිංහ ඇතුළු සියලුම යුද්ධ හමුදා සාමාජිකයින් අවසන් මහා තරඟයේ ජයග්‍රහණය වෙනුවෙන් යුද්ධ හමුදා කණ්ඩායමට අවැසි සහයෝගය ලබාදෙයි.

මෙම තරඟාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩකයින් වෙනුවෙන් අවැසි උපදෙස් හා මාර්ගෝපදේශයන් යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ උප සභාපති මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර, යුද්ධ හමුදා ක්‍රිකට් කමිටුවේ ලේකම් කර්නල් ඩී.පී.එස්.අයි. ඩයස් සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩක මේජර් තිසර පෙරේරා විසින් ලබාදුන්හ.

තරඟාවලියේදී මේජර් තිසර පෙරේරා, ලාන්ස් කෝප්‍රල් එල්.ඊ.කේ. එදිරිසිංහ, සාමාන්‍ය සෙබල කේ.ඩබ්ලිව්.එස්.එල්. ප්‍රනාන්දු සහ බළලත් නිලධාරි සීක්කුගේ ප්‍රසන්න කඩුලු 28 ක් දවාගනිමින් කණ්ඩායම අවසන් මහා තරඟය තෙක් කැපී පෙනෙන දස්කම් දැක්වූහ.