01st August 2022 22:48:30 Hours
එක්සත් රාජධානියේ බර්මින්හැම් ප්‍රදේශයේ පැවැත්වෙන ‘පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2022’ හි බර ඉසිලීමේ තරඟාවලියේ කිලෝග්‍රෑම් 55 බර පන්තිය නියෝජනය කරමින් සහභාගී වූ 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කෝප්‍රල් වයි.ඩී.අයි. කුමාර පසුගිය සෙනසුරාදා (30) දින එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්විය.
‘පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2022’ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරන තරඟකරුවන් වැඩි පිරිසක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන අතර, සියලුම පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල තරඟකරුවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරඟාවලිය අගෝස්තු මස 8 දින දක්වා අඛණ්ඩව පැවැත්වේ.
‘පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල - 2022’ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 37 දෙනෙක් සහභාගි වන අතර, මෙම තරඟාවලියේ පිහිනුම්, ජූඩෝ, පැසිපන්දු, වෙරළ
වොලිබෝල්, ක්‍රිකට් (කාන්තා), රග්බි, බොක්සිං, මළල ක්‍රීඩා, බැඩ්මින්ටන්, පැරා මල්ලවපොර සහ කවපෙත්ත විසිකිරීමේ තරඟ ඉසව් නියෝජනය කරනු ලබන තරඟකරුවන් ජූලි මස 25 දින එංගලන්තය බලා පිටත්ව ගියහ.
මෙවර විශේෂත්වය වන්නේ ‘පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල -2022’ සඳහා සහභාගී වන බොක්සිං ක්‍රීඩකයින් සියළු දෙනාම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරන බොක්සිං ක්‍රීඩකයින්ගෙන් සමන්විත වීමයි.