01st August 2022 23:38:10 Hours
කොත්මලේ නව නගරයට ආසන්නයේ පිහිටි තවලම්තැන්න ප්‍රදේශයේ රන්වන්තැන්න - මාකඳුර මාර්ගයේ පසුගිය සඳුදා (01) දින සිදු වූ නාය යෑමක් හේතුවෙන් අවතැන් වී සිටි සිවිල් වැසියන් 120 දෙනෙකු ආපදා තත්ත්වයෙන් මුදවාගැනීමට 1 වන බලකායට අයත් 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 5 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් කටයුතු කරනු ලැබූහ.
කඳුකර ප්‍රදේශයක් වන කොත්මලේ, තවලන්තැන්න ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටීමෙන් සිවිල් වැසියන්ගේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල විය.
ඒ අනුව, යුද්ධ හමුදා භටපිරිස් කඩා වැටුනු පස් කඳු ඉවත් කර මාර්ගය දෙපස අවතැන්ව සිටි සිවිල් වැසියන්ගේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කරනු ලැබූහ.