Header

Sri Lanka Army

Defender of the Nation

31st July 2022 15:15:59 Hours

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය විසින් පවත්වනු ලැබූ ඛණ්ඩ අවි පාඨමාලා අංක 18 සාර්ථක ලෙස අවසන් වෙයි

මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය විසින් පවත්වනු ලැබූ ඛණ්ඩ අවි පාඨමාලා අංක 18 සාර්ථක ලෙස හැදරූ යුද්ධ හමුදා සාමාජිකයන් 31 දෙනෙකු වෙත සහතික පත් ප්‍රදානය කිරීමේ චාම් උත්සවයක් පසුගිය සඳුදා (25) දින මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබූහ.

මෙම පාඨමාලාව මගින් ඛණ්ඩ අවි හැසිරවීම, ඒවායේ තාක්‍ෂණික ලක්‍ෂණ සහ එම අවි භාවිතය පිළිබඳව පුළුල් දැනුමක් ලබා දුන් අතර, ප්‍රායෝගික පුහුණුවන්ද පාඨමාලාව සඳහා සහභාගී වූ භටපිරිස් වෙත ලබාදෙනු ලැබූහ.

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් සී රණවීර විසින් පාඨමාලාවට සහභාගී වූ භටපිරිස් වෙත සහතිකපත් ප්‍රදානය කරනු ලැබූහ.

පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස 4 වන විශේෂ බලකායේ කෝප්‍රල් ඩබ්ලිව්.එම්.පී.එස් වීරසිංහ විසින් සහතිකපත හිමිකර ගත්හ.