31st July 2022 15:18:51 Hours
ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පසුගිය අඟහරුවාදා (26) දින පැවති චාම් උත්සවයකදී එම මධ්‍යස්ථානයේ රාජකාරි කරනු ලබන කමාන්ඩෝ භටයින්ගේ ශාරීරික යෝග්‍යතාවය සහ ක්‍රීඩා හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් නැවත ප්‍රතිසංස්කරනය කරන ලද ‘මෙරූන්ස්’ ස්කොෂ් පිටිය සහ ‘කපිතන් ජේ එෆ් එස් ද ෆොන්සේකා’ අනුස්මරණ ව්‍යායාම මධ්‍යස්ථානය විවෘත කරන ලදී. විවෘත කිරීමේ උත්සවය සඳහා සහභාගී වූ 1 වන බලකායේ බලකාධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්නගේ උපදෙස් මත එම ප්‍රතිසංස්කරණයන් සිදුකරන ලදී.
විවෘත කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් ක්‍රිෂාන්ත ඥානරත්න විසින්, භටපිරිස්හි පරිහරණයට නැවත කඩිනමින් ප්‍රතිසංස්කරනය කිරිම සම්බන්ධව කැපවීමෙන් කටයුතු කල සියලුම නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ දායකත්වය අගය කරන ලදී.
එම උත්සව අවස්ථාවට කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් බී.එම්.කේ.කේ ධර්මවර්ධන, නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.