31st July 2022 15:21:50 Hours
රුහුණු මහා කතරගම වාර්ෂික දේවාල මංගල්‍යයට සහභාගී වීම සඳහා උතුරු, නැගෙනහිර, කුමන සහ යාල ජාතික වනෝද්‍යාන හරහා කතරගම පුදබිම බලා පැමිණෙන 5000 කට ආසන්න බැතිමතුන් පිරිසක් කතරගම යාල ජාතික වනෝද්‍යාන පරිශ්‍රයට පැමිණීමෙන් පසු පසුගිය සිකුරාදා (22) දින සිට එම බැතිමතුන් වෙත අවශ්‍ය ආගන්තුක සත්කාර සේවාවන් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 122 බලසේනාවේ සහ 23 ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් සපයනු ලබයි.
ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා විසින් ලබා දුන් උපදෙස් මත 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් විසින් ප්‍රදේශයේ රාජ්‍ය ආයතන සමඟ සමීප සහයෝගයෙන් යුතුව එම බැතිමතුන්ට අවශ්‍ය පානීය ජලය, පිසූ ආහාර, බෙහෙත් ද්‍රව්‍ය සහ තාවකාලික නවාතැන් ආදී පහසුකම් සපයනු ලබයි.
තවද, කතරගම වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය සඳහා පැමිණ සිටින එම බැතිමතුන්ට එහි රැඳී සිටින කාලය තුලදී ඔවුන්ට අවශ්‍ය පහසුකම් සොයාබලමින් එම පහසුකම් සපයාදෙන ලෙස 122 බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් භටපිරිස් වෙත උපදෙස් ලබා දෙන ලදී.
එම බැතිමතුන් යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොතුවිල් සහ අම්පාර යන ප්‍රදේශවලින් පැමිණ ඇති අතර, මෙවර ඔවුන් වන්දනාවේ යෙදෙන්නේ පසු ගිය සමයේ ඇති වූ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් වසර තුනකට පසුවයි.