Header

Sri Lanka Army

Defender of the Nation

30th July 2022 20:19:49 Hours

පැරා ගෘහස්ථ ඔරු පැදීමේ ශූරතාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල හමුදාවට

මේ දින වල පැවැත්වෙන යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙලට සමගාමීව පැවති අන්තර් රෙජිමේන්තු පැරා ගෘහස්ථ ඔරු පැදීමේ තරඟාවලියේදී ශ්‍රී ලංකා පාබල හමුදා මූලස්ථාන බලඇණියේ ඔරු පැදීමේ කණ්ඩායම එම තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලද අතර, විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානය බලඇණියේ සහ විශේෂ බලකා මූලස්ථාන බලඇණියේ ඔරු පැදීමේ කණ්ඩායම් එහි අනුශූරයන් බවට පත් වූහ.

පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී පසුගිය 19 වන සහ 20 වන දිනයන්හිදී පවත්වන ලද මෙම තරඟවලිය සඳහා රෙජිමේන්තු මූලස්ථාන බලඇණි 7ක් නියෝජනය කරමින් කණ්ඩායම් හා යුගල වශයෙන් මානූෂිය මෙහෙයුමේදී විවිධ ආබාධිත තත්ත්වයන්ට පත් වූ රණවිරුවන් 29 නෙකු තරඟ කරනු ලැබූහ.

එම තරඟාවලියේ සංවිධායක කටයුතු සිදුකරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංවිධායක මණ්ඩලයේ ඉල්ලීම පරිදි අධ්‍යක්‍ෂ තත්ත්‍ව ආරක්‍ෂණ හා පිරික්සුම් බ්‍රිගේඩියර් ප්‍රියන්ත දසනායක විසින් ජයග්‍රාහී ක්‍රීඩකයින් වෙත කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කරනු ලැබූහ.