Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2022 21:08:52 Hours

65 වන සේනාංකයේ පුස්තකාලය වෙත හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින් රචිත ග්‍රන්ථ තොගයක්

හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන්ගේ 46 වැනි ගුණ සමරුව වෙනුවෙන් ‘මාටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය’ විසින් පසුගිය සෙනසුරාදා (23) දින එතුමන් විසින් රචිත ග්‍රන්ථයන් තොගයක් වවුනියාවේ ස්ථාපිත 65 වන සේනාංක මූලස්ථානයේ පුස්තකාලය වෙත පරිත්‍යාග කරන ලද අතර, එහිදි එම පුස්තකාලයේ කියවීමේ අංශය ‘මාටින් වික්‍රමසිංහ කියවීම් අංශය’ ලෙස නම් කරන ලදී.

65 වන සේනාංකයේ රාජකාරියෙහි නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ට විවේක කාලයේදී ඔවුන්ගේ කියවීමේ රුචිකත්වය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම පුස්තකාලය ආරම්භ කර ඇත.

මාටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසින් පරිත්‍යාග කරන ලද ග්‍රන්ථයන් 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ විසින් භාර ගන්නා ලදී.