Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2022 21:11:08 Hours

68 වන සේනාංකයේ සේනාංකාධිපති සුගන්ධිපුරම් සහ උදයාර්කට්ටු - උතුරේ සිවිල් ජනතාවගේ අවශ්‍යතාවයන් පිළිබඳ සාකච්ඡාවක නිරතවේ

68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුමගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමසේවා නිලධාරීන්, පාසල් විදුහල්පතිවරුන් සහ විවිධ ප්‍රජා මූලික සංවිධානවල නිලධාරීන් ඇතුළු සිවිල් නියෝජිත පිරිසක් එක්ව ප්‍රදේශයේ ජනතාවට එදිනදා ඇතිවන ගැටලු නිරාකරණය කරගැනීමට අවශ්‍ය පිලියම් සකස්කිරීම සඳහා ඉකුත් සිකුරාදා (22) දින සුගන්ධිපුරම් ශ්‍රී මුත්තුඅම්මාන් කෝවිලේ පරිශ්‍රයේදී කණ්ඩායම් සාකච්ඡාවක් පවත්වන ලදී.

ඒ අනුව, ඉන්ධන අර්බුදය, පොහොර හිඟය, ගොවි ජනතාවගේ වගාවන්ට ජලය නොමැතිකම, මත්ද්‍රව්‍ය උවදුර, උදයාර්කයියු මාර්ගය සහ රාමසාන් කෝවිල ඉදිකිරීම, මුලතිව් දිස්ත්‍රික්කයේ සහ කිලිනොච්චි මායිමේ ඉඩම් ගොවිතැන සඳහා පවරා ගැනීම සම්බන්ධ ප්‍රශ්න, සුගන්ධිපුරම් සහ කුලන්දපිලව් ප්‍රදේශවල සුසාන භූමි ආශ්‍රිත ගැටලු පිළිබද මෙම කණ්ඩායම් සාකච්ඡාවේදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී මුත්තුඅම්මාන් කෝවිලේ ප්‍රධාන පූජකතුමන්, පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් එම් ජයකාන්තන්, පුදුකුඩ්ඩිඉරිප්පු පොලිස් ස්ථානයේ සැරයන් එස් වික්‍රමසිංහ, උදයාර්කයියු - උතුර ග්‍රාමසේවා නිලධාරී එම්.නිශාන්තන්, වනජීවී නිලධාරී එන්.දිනේෂ් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරී වී.ප්‍රදීපන්, 681 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික ගුණතුංග, 68 වන සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් කෝෂන පීරිස්, 68 වන සේනාංකයේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරි සේනක මුතුකුමාරණ ඇතුළු සිවිල් වැසියන් කිහිප දෙනෙකු එක්ව සිටියහ.