Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2022 21:13:55 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සම්බන්ධීකරණයෙන් වියළි සලාක පාර්සල් පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර රාජකාරියෙහි නියුතු භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් ගම්පහ ප්‍රදේශයේ පරිත්‍යාගශීලියෙකු විසින් පිරිනමන ලද මූල්‍යමය ආධාර මත සංවිධානය කරන ලද ‘මනුෂ්‍යත්වවේ සහන යාත්‍රාව’ ප්‍රජා මූලික ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් වශයෙන් පසුගිය සඳුදා (25) දින තොප්පිගල, කිලිවෙඩ්ඩි, කිරිල්ලවේලි, වැලිකන්ද, සිංහපුර, සෙවනපිටිය සහ කටුවන්විල යන ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභී සිවිල් වැසියන් වෙත රුපියල් 5000/= වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් 200 බෙදා දෙනු ලැබූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා විසින් මෙම පරිත්‍යාගයන් සඳහා මූල්‍ය අනුග්‍රාහකත්වය දක්වන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධනගේ උපදෙස් යටතේ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් හි සම්බන්ධීකරණයෙන් සංවිධානය කරන ලද මෙම ප්‍රජා මූලික වැඩසටහනේ පලමු අධියර වශයෙන් 232 බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් තොප්පිගල, කිලිවෙඩ්ඩි සහ කිරිල්ලවේලි ප්‍රදේශවල අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක පාර්සල් 100 ක් බෙදා දෙනු ලැබූහ.

දෙවන අධියරය යටතේ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිරගේ ප්‍රධානත්වයෙන් පසුගිය සඳුදා (25) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බලප්‍රදේශය අවට පිහිටි වැලිකන්ද, සිංහපුර, සෙවනපිටිය සහ කටුවන්විල ගම්මානවල අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක පාර්සල් 100 ක් බෙදා දෙනු ලැබූ අතර, එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරීන් රැසක් සහභාගී වූහ.

මෙම ප්‍රජා මූලික වැඩසටහන ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර සිවිල් සම්බන්ධීකරන නිලධාරීගේ අධීක්‍ෂණය යටතේ පැවැත් වූ අතර, එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී බ්‍රිගේඩියර් සුජීව ජයසිංහ, බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී බ්‍රිගේඩියර් කපිල චක්‍රවර්ති, ප්‍රධාන සිවිල් සම්බන්ධීකාරක නිලධාරී කර්නල් රජීව් ප්‍රනාන්දු, ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මාණ්ඩලික නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුලු පිරිසක් සහභාගී වූහ.