28th July 2022 21:17:18 Hours
කිලිනොච්චිය රෝහලේ කාර්ය මණ්ඩලයේ ඉල්ලීමකට අනුව කිලිනොච්චිය ප්‍රදේශයේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමේ අරමුණින් 1 වන බලකා මූලස්ථානය - කිලිනොච්චිය සහ ඒ යටතේ ස්ථාපිත 57 සහ 66 වන සේනාංකය, 4 වන සන්නද්ධ බුද්ධි බළකාය සහ 5 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ ‘බී’ බලඝණය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 155 දෙනෙකු සහ කිලිනොච්චිය පොලිසියේ නිලධාරීන් ඇතුළු පිරිසක් පසුගිය සඳුදා (24) දින සිය රුධිරය පරිත්‍යාග කිරීමට ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වූහ.
කිලිනොච්චිය රෝහලේ පවතින රුධිර හිඟයට පිලියමක් වශයෙන් එම රෝහල් අධ්‍යක්‍ෂවරයාගේ ඉල්ලීමකට අනුව කිලිනොච්චිය 1 වන බලකා මූලස්ථානයේ සේවයේ නියුතු කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව කිලිනොච්චිය යුද්ධ හමුදා මූලික රෝහල් පරිශ්‍රයේදී මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන පවත්වන ලදී.
මෙම වැඩසටහන 1 බලකා ආඥාපති - කිලිනොච්චිය විසින් ලබාදුන් උපදෙස්වලට අනුව එම බලකා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන සහ භටකාර්ය සම්පාදන නිලධාරී බ්‍රිගේඩියර් අසේල අමරසේකර සහ කිලිනොච්චිය යුද්ධ හමුදා මුලික රෝහලේ අණදෙන නිළධාරී මේජර් එරන්ද සෙනෙවිරත්නගේ සම්බන්ධීකරණයෙන් සහ අධීක්‍ෂණය යටතේ පවත්වනු ලැබු අතර, කිලිනොච්චිය රෝහලේ රුධිර බැංකුවේ වෛද්‍ය නිලධාරි වෛද්‍ය අචනා ඕබ්‍රිස් මහත්මිය සහ ඇයගේ වෛද්‍ය කණ්ඩායම විසින් එම මානුෂීය ව්‍යාපෘතියට අවශ්‍ය තාක්‍ෂණික සහාය ලබාදුන්හ.
එම වැඩසටහන මෑත කාලයේදී කිලිනොච්චිය ප්‍රදේශයේ සිදුකරන ලද විශාලතම රුධිර පරිත්‍යාග වැඩසටහන වන අතර, එය ප්‍රදේශයේ සිවිල් ජනතාවගේ සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේද පැසසුමට ලක් වූහ.