Header

Sri Lanka Army

Defender of the Nation

28th July 2022 21:21:45 Hours

24 සේනාංකයේ භටපිරිස්වල සම්බන්ධීකරනයෙන් අවශ්‍යතා සහිත පවුලක් සඳහා නව නිවසක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා‍වේ සම්බන්ධීකරනයෙන් දියත්කරනු ලැබු තවත් ප්‍රජා මූලික ව්‍යපෘතියක් යටතේ පසුගිය සඳුදා (25) දින අම්පාර ප්‍රදේශයේ වඩිනාගල ගම්මානයේ පදිංචි විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන අඩු ආදායම් ලාභී පවුලක් වෙනුවෙන් නව නිවසක් සහ ඔවුන්ගේ ආර්ථික තත්ත්වය යම් මට්ටමක් කරා ගෙන ඒමට හැකි ආකාරයට ආදායම් ඉපැයියම සඳහා කඩ සාප්පුවක් ද ඉදිකර දෙන ලදී.

24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගමගේ ඉල්ලීමක් මත, දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන දීපානි සඳලංකා මහත්මිය සහ පවුලේ සමාජිකයන් වෙනුවෙන් මෙම නව නිවස ඉදිකිරීමට සහ නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ආධාර පරිත්‍යාගශිලි වෛද්‍ය ශානිකා විජයගුණසේකර මහත්මිය සහ කළුබෝවිල දිස්ත්‍රික් - 306 A2 සිංහ සමාජයේ සාමාජිකයින් විසින් ලබා දෙන ලදී.

හිසට සෙවණක් සහ ආදායම් මාර්ගයක් නොමැතිව දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වූ දීපානි සඳලංකා මහත්මිය සහ ඇයගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් 241 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍ර අබේකෝන් ගේ සහ 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිළධාරීගේ උපදෙස් මත 241 වන බලසේනාව යටතේ රාජකාරියෙහි නියුතු 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායක්වය මත මෙම නව නිවස ඉදිකර දෙනු ලැබූහ.

නිවස විවෘත කිරිමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ පරිත්‍යාගශීලි වෛද්‍ය ශානිකා විජයගුණසේකර මහත්මිය විසින් නව නිවස සහ කඩ සාප්පුව පසුගිය සඳුදා (25) දින සම්ප්‍රදායානුකූල චාරිත්‍ර මධ්‍යයේ පැවැති උත්සවයකදී ප්‍රතිලාභී පවුල වෙත භාරදෙනු ලැබූහ. මෙම උත්සව අවස්ථාව සඳහා 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම, 241 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍ර අබේකෝන්, 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී, නිලධාරීන්, සෙසුනිලයින්, සහ ප්‍රතිලාභීන් සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන් පිරිසක් එක්ව සිටියහ.

දීපානි සඳලංකා මහත්මිය සහ ඇයගේ පවුලේ සාමාජිකයින් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවමින් සිටි අතර, ඒ පිලිබඳව යුද්ධ හමුදා භටපිරිස් විසින් පරිත්‍යාගශීලි වෛද්‍ය ශානිකා විජයගුණසේකර මහත්මිය දැනුවත් කිරීමෙන් පසුව නව නිවස ඉදිකිරීම සඳහා මූල්‍යමය අනුග්‍රාහකත්වය එම මහත්මිය විසින් ලබාදුන්හ. ඒ සඳහා රුපියල් මිලියනයක් පමණ වැය කර ඇති අතර, කළුබෝවිල සිංහ සමාජය විසින්ද ප්‍රතිලාභී පවුල වෙත ඉදිකරනු ලැබු නව නිවස සඳහා රුපියල් 500,000/= ක වටිනාකමකින් යුත් ගෘහභාණ්ඩ සහ නිවසට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන ලදී. නව නිවස අසල ඉදිකරන ලද හෝටලය දීපානි සඳලංකා මහත්මිය සහ එම පවුලේ ජීවනෝපාය සලාසා ගැනීමට මහත් සේ උපකාරී වේ.

මෙම උත්සව අවස්ථාව සඳහා 11 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ධම්මික වීරසිංහ, 241 බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් තිලක් කුමාරසිරි සහ දමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරී, ආරාධිත අමුත්නන් කිහිප දෙනෙක් සහ වඩිනාගල ප්‍රදේශයේ ගම්වාසීන් ද සහභාගී වූහ.