25th July 2022 18:04:16 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන පසුගිය සෙනසුරාදා (23) දින 23 වන සේනාංකයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශිවාන්ත් කුලතුංග විසින් සංචාරයේ නිරත මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව එම සේනාංකයේ සේනාංකාධිපති විසින් සේනාංක මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන වෙත හඳුන්වාදෙන ලදී. ඉන් අනතුරුව, සංචාරයේ නිරත ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර පූනානි පිහිටි 23 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කළේය.
පසුව, 23 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන වෙත එම සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත බලසේනාවන් හා ඒකකයන්හි කාර්යභාරය සහ වගකීම් මෙන්ම ක්‍ෂේත්‍ර රාජකාරි පිළිබඳව සවිස්තරාත්මක දැනුවත් කිරීමක් සිදුකළේය. තවද, එම බලප්‍රදේශයේ ආරක්‍ෂාව සහ පාලන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කරන ලදී.
එහිදී, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර විසින් 23 වන සේනාංකයේ සියලු නිලයන් අමතමින්, සෑම හමුදා සාමාජිකයෙකුම හොඳ විනයක් පවත්වාගනිමින් යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ආරක්‍ෂා කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කල අතර, වර්ථමානයේ මෙරට පවතින තීරණාත්මක පසුබිම තුළ රටේ ආරක්‍ෂාව පවත්වාගෙන යාම වෙනුවෙන් යුද්ධ හමුදාව වෙත පැවරුණු වගකීම හා කාර්යභාරයන් මනා ලෙස ඉටුකිරීමේ අවශ්‍යතාවය පිළිබඳ කරුණු අවධාරණය කරන ලදී.
අනතුරුව, මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන එම සේනාංකයේ නිලධාරීන් සමඟ සුහඳව අදහස් හුවමාරු කරගත් අතර, උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතෙහි සටහනක්ද තැබුවේය.
මේ අතර, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන 2022 ජුනි මස 6 සිට 8 දින දක්වා 22 වන සේනාංකයේ සහ එම සේනාංකයට අයත් බලසේනා මූලස්ථාන, ඒකකයන්හි නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය. 22 වන සේනාංකය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අලුවිහාරේ විසින් උණුසුම් අයුරින් පිලිගැනීමෙන් අනතුරුව එම සේනාංකයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකරනු ලැබූහ. පසුව, මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන එම සේනාංකයේ සියලු භටපිරිස් ඇමතුවේය.
ඉන් අනතුරුව, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන 223 වන බලසේනාවේ සහ එම බලසේනා බලප්‍රදේශයේ පිහිටි ඒකකයන්හී නිරීක්‍ෂණ සංචාරයක නිරත වෙමින් එම කඳවුරු තුළ සේවයේ නියුතු භටපිරිස් ඇමතුවේය. එම නිරීක්‍ෂණ චාරිකාව අතරතුර මූතූර් ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද ගල්කන්ද විහාරස්ථානය වැඳපුදාගනිමින් ආශීර්වාද ලබාගැනීමට ද එතුමන් කටයුතු කරන ලදී.
ඉන් අනතුරුව, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පිහිටි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සංචාරයක නිරත වූ මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ඊට ප්‍රථම 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, 221 වන බලසේනාව සහ එම බලසේනා බලප්‍රදේශයේ පිහිටි ඒකකයන්හී නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත වූහ.