25th July 2022 18:08:42 Hours
වසන්තිපුරම් ප්‍රදේශයේ පදිංචි විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන පවුලක ජීවන තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයට අයත් 641 වන බලසේනාවේ භටපිරිස් විසින් රුපියල් 7500/= ක පමණ වටිනාකමකින් යුත් වියළි සලාක ආහාර පාර්සලයක් එම පවුල වෙත පරිත්‍යාග කරන ලදී.
මෙම වියළි ආහාර සලාක පාර්සලය පොල්, සහල්, පරිප්පු, කුළුබඩු, ධාන්‍ය වර්ග, කරවල, නූඩ්ල්ස් ආදියෙන් සමන්විත වූ අතර ව්‍යාපෘතිය 641 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනාත් ජයවර්ධනගේ ඇගයීමට ද ලක් විය.
641 වන බලසේනාවේ බලසේනාධිපති සහ එම බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී, නිලධාරීන් සහ සෙසුනිලයින් ප්‍රතිලාභීන්ගේ නිවසට ගොස් මෙම වියළි ආහාර සලාක පාර්සලය ඔවුන් වෙත ලබාදුන්නේය.
පසුගිය වසරේ (ඔක්තෝබර් මස 10) 641 වන බලසේනාව යටතේ ස්ථාපිත 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ඇතිව මෙම පවුලට යුද්ධ හමුදා දිනයට සමගාමීව නව නිවසක් ඉදිකරදෙන ලදී.