25th July 2022 18:20:16 Hours
වව්නියාව, කනගරායිකුලම් ප්‍රදේශයේ විවිධ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන සිවිල් වැසියන්ට සහන සැලසීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථාන - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනාව විසින් දියත්කරනු ලබන ප්‍රජා ව්‍යාපෘතීන් තවත් පුළුල් කරමින් එම බලසේනාවේ භටපිරිස් විසින් 2022 ජුලි මස 13 වන දින ප්‍රතිලාභීන්ගේ නිවාස වෙත ගොස් දිවා ආහාර පාර්සල් 400 කට අධික ප්‍රමාණයක් බෙදා දෙන ලදී.
56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත 561 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංග කුලතිලකගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය දියත් කරන ලදී.
නිලධාරීන් සහ සෙසු නිලයින් එම ආහාර පාර්සල් සඳහා මිල ගණන් සකස් කර බෙදා හැරීමේ කටයුතු සිදුකරන ලදී.