Header

Sri Lanka Army

Defender of the Nation

24th July 2022 20:00:16 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, සිය බල ප්‍රදේශයේ නිරීක්‍ෂණ චාරිකාවක

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර පසුගිය 18 (සදුදා) දින ඉදිරි නඩත්තු පෙදෙස - උතුර සහ ඒ යටතේ ස්ථාපිත සේවා ඒකකයන්හි නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ.

ඉදිරි නඩත්තු පෙදෙස - උතුර වෙත පැමිණි මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර බ්‍රිගේඩියර් ඒ සී ඒ ද සොයිසා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. එම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් කදවුරු පරිශ්‍රයේ පොල් පැළයක් රෝපණය කරන ලදී. අනතුරුව එතුමන් විසින් ඉදිරි නඩත්තු පෙදෙස - උතුර රාජකාරි නියුතු සියළු නිලයින් ඇමතූ අතර, ඔවුන් සමඟ තේ පැන් සංග්‍රහයකටද එක් විය.

අනතුරුව, මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර, ඉදිරි නඩත්තු පෙදෙස - උතුර යටතේ ස්ථාපිත සියලුම සේවා ඒකකයන්හි අණදෙන නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ.

ඉන් අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්, 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේද නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූ අතර, එහිදී රාජකාරියෙහි නියුතු භටපිරිස් සමඟින් සුහදව අදහස් හුවමාරු කරගන්නා ලදී. අනතුරුව මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර එම ඒකකයේ නිලධාරීන් සමඟින් සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, එම සංචාරය සංකේතවත් කරමින් කදවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරන ලදී.

එම අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය සම්පාදන නිලධාරි සහ ඉදිරි නඩත්තු පෙදෙස - උතුර යටතේ ස්ථාපිත සේවා ඒකකයන්හි අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් අතුළු පිරිසක් ද සහභාගි වූහ.