24th July 2022 20:04:01 Hours
23 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පැරා ක්‍රීඩා උළෙලට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ගජබා රෙජිමේන්තුවේ මූලස්ථාන බලඇණිය විසින් සංවිධානය කරන ලද ‘අන්තර් රෙජිමේන්තු පැරා රෝද පුටු සහ පාපැදි තරඟාවලිය -2022’ පසුගිය 3 වන දින අනුරාධපුර, රඹෑව හිදී පවත්වන ලදී.
යුද්ධ හමුදාවේ රෙජිමේන්තු මධ්‍යස්ථාන 6 ක් නියෝජනය කරමින් රෝදපුටු තරඟකරුවන් 9 දෙනෙකු සහ පාපැදිකරුවන් 11 දෙනෙකු මෙම තරඟ ඉසව් සඳහා සහභාගී වූහ.
ක්‍රීඩා තරඟ ඉසව්වල ජයග්‍රාහකයන්ගේ නම් පහතින් දැක්වේ
රෝද පුටු මැරතන් තරගය
ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් එච්.එම් රත්නායක - ප්‍රථම ස්ථානය
ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් ඩබ්ලිව්.ආර්.යූ ප්‍රියංගික - දෙවන ස්ථානය
ගැමුණු හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ජී.ජී.එස් ගලහිටියාව - තෙවන ස්ථානය
පාපැදි තරගය
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් ජී.පී.අයි.ආර් කුමාර - ප්‍රථම ස්ථානය
ගජබා රෙජිමේන්තුවේ සැරයන් ඒ.ජී.එන් වසන්ත - දෙවන ස්ථානය
ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් ජේ.එල් ජයසිංහ - තුන්වන ස්ථානය