24th July 2022 20:06:42 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන සේනාංකයේ භටපිරිස් විසින් පූනානි ප්‍රදේශයේ භාවිතයට නොගෙන තිබූ කුඹුරු අක්කර 17 ක භූමි ප්‍රමාණයක් මීට මාස කීපයකට පෙර අස්වද්දන ලද අතර, එම වී වගාවෙන් කිලෝ ග්‍රෑම් 1000 ක සරු වී අස්වැන්නක් සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව පැවති උත්සවයකදී පසුගිය බ්‍රහස්පතින්දා (21) දින නෙලා ගන්නා ලදී.
සෞඛ්‍ය ආරක්‍ෂිත ආහාර වේලක් මෙරට ජනතාවට ලබාදීම සඳහා රජය විසින් ක්‍රියාවට නංවනු ලැබූ හරිත කෘෂිකාර්මික ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමට ‘යල’ කන්නය ඉලක්කකර ගනිමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මෙම ව්‍යාපෘතිය මාස කිහිපයකට පෙර ආරම්භ කරන ලදී.
මෙම අස්වැන්න නෙලීමේ උත්සව අවස්ථාව 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ෂෙවාන්ත් කුලතුංග, එම සේනාංකයේ භටපිරිස් සහ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන ලදී.
වී අස්වනු නෙලීමේ උත්සවය සඳහා 23 වන සේනාංකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් ඇතුළු පිරිසක්ද සහය වූහ.