24th July 2022 20:08:23 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 523 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 4 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වයත්වයෙන් යාපනය අර්ධද්වීපයේ චාවකච්චේරි, චන්ද්‍රපුරම් ප්‍රදේශයේ ‘සත්‍ය ශ්‍රී’ සංවිධානයේ, වී මනෝහරන් මහතා විසින් ලබා දුන් මුල්‍ය ආධාර මත තවත් ප්‍රජා මූලික ව්‍යපෘතියක් ලෙස දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවස ඉදිකර දෙන ලදී.
නිවාසලාභී පවුල දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවමින් සිටි අතර, එම තත්ත්වය පිළිබඳව ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර දැනුවත් වීමෙන් අනතුරුව ලබාදුන් දුන් උපදෙස් මත 52 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් 523 වන බලසේනාවේ බලසේනාධිපතිගේ සහාය ඇතිව නව නිවස ඉදිකර දීම සඳහා අනුග්‍රාහක භවතෙකු සම්බන්ධ කරගනු ලැබීය.
ඒ අනුව ලද අනුග්‍රාහකත්වය මත සහ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය උපදෙස් අනුව 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු ගේ අධීක්‍ෂණය යටතේ සති කිහිපයක් ඇතුළත යුද්ධ හමුදා භටපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වයත්වයෙන් නව නිවසේ වැඩ අවසන් කර නාගමනී සරස්වතී මහත්මියට සහ ඇයගේ පවුලේ සාමාජිකයන් වෙත නව නිවස ලබාදීමට හැකි වූ අතර, එහිදී එම පවුල සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක්ද පරිත්‍යාග කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් පසුගිය සිකුරාදා (22) දින හින්දු ආගමික වතාවත් සහ චාරිත්‍ර මධ්‍යයේ පීත්ත පටිය කපා නව නිවසේ යතුර නිවාසලාභී පවුල වෙත භාරදෙන ලදී. මෙම අවස්ථාව සඳහා 52 වන සේනාංකයේ සේනාංකාධිපති, 523 බලසේනාවේ බලසේනාධිපති, අනුග්‍රාහක භවතුන්ගේ නියෝජිතයින් සහ නිවාසලාභී පවුලෙහි සමීපතම ඥාතීන් එක්ව සිටියහ.
නව නිවස භාරදීමේ උත්සවය අවස්ථාවේදී නිවාස ලාභීන් වෙත මේජර් ජෙනරල් චන්දන විජයසුන්දර විසින් නිවසට අවශ්‍ය ගෘහ භාන්ඩ, අත්‍යාවශ්‍ය වියළි සලාක පාර්සල් සහ එම නිවාස ලාභී පවුලේ සිටින පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පාසල් උපකරණද පරිත්‍යාග කරන ලදී.
මෙම උත්සව අවස්ථාව සඳහා 52 වන සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස්, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, නිවාස ලාභීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.