22nd July 2022 16:39:42 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනාවේ භටපිරිස් විසින් කණිෂ්කා පීල්ලවත්ත මෙනවිය, ශෂිකලා මෙනවිය සහ ඔවුන්ගේ මිතුරන් විසින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත අම්පාර, පියසරගම ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත වියළි සලාක පාර්සල් සහ පාසල් සිසු සිසුවියන් වෙත පාසල් උපකරණ බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (16) දින ක්‍රියාත්මක කරන ලදී.
එම පාසල් සිසු සිසුවියන් සහ සිවිල් වැසියන් වෙත පියසරගම, ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ පැවති මෙම පරිත්‍යාග වැඩසටහනේදී රුපියල් 600/= ක මූල්‍යමය ආධාරයක්ද සහිතව රුපියල් 5500/= ක් වටිනා වියළි සලාක පාර්සල් 80 ක් බෙදාදීමට 241 වන බලසේනාව යටතේ ස්ථාපිත 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් කටයුතු කරන ලදි.
ඊට අමතරව, ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් අධ්‍යාපන කටයුතු සඳහා දිරිමත් කිරීමේ අරමුණින් සිසු සිසුවියන් 87 දෙනෙකු වෙත රුපියල් 181,000/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ ද එම අවස්ථාවේදීම ප්‍රදානය කරන ලදී. මෙම පරිත්‍යාග වැඩසටහන සමාප්තියේ එම පරිත්‍යාගශීලීන් විසින් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් 50,000/= ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදුකරන ලදී.
මෙම වැඩසටහන 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සාලිය අමුණුගම ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ද එතුමන් සහභාගී වූහ.
241 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍ර අබේකෝන් ගේ උපදෙස් සහ 16 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරී ගේ අධීක්‍ෂණය යටතේ ග්‍රාම නිලධාරින් සහ අනෙකුත් පාසල් බලධාරින් සමඟ සාකච්ඡා කර මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.