Header

Sri Lanka Army

Defender of the Nation

22nd July 2022 16:42:31 Hours

එංගලන්තයේ පැවැත්වෙන ‘පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල -2022’ සඳහා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 37ක්

මෙවර එංගලන්තයේ බර්මින්හැම් හිදී ජූලි මස 28 දින සිට අගෝස්තු මස 8 දින දක්වා පැවැත්වීමට නියමිත ‘පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල -2022’ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන් ඇතුළුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 37 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වීමට නියමිතව ඇත.

පිහිනුම්, ජූඩෝ, පැසිපන්දු, බීච් වොලිබෝල්, ක්‍රිකට් (කාන්තා), රග්බි, බොක්සිං, මලල ක්‍රීඩා, බැඩ්මින්ටන්, පැරා මල්ලවපොර සහ කවපෙත්ත විසිකිරීමේ යන තරග ඉසව් සඳහා සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්මිත මෙම කණ්ඩායම ලබන සඳුදා (25) දින එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇත.

මෙවර වි‍ශේෂත්වය වන්නේ ‘පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල -2022’ සඳහා සහභාගී වන බොක්සිං ක්‍රීඩකයින් සියළු දෙනාම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරන බොක්සිං ක්‍රීඩකයින්ගෙන් සමන්විත වීමයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ මණ්ඩල ප්‍රධානී ලෙස මේජර් ජෙනරල් දම්පත් ප්‍රනාන්දු (විශ්‍රාමික) සහ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරී ලෙස කර්නල් චන්දන තෙන්නකෝන් සහභාගී වීමට නියමිතය.