21st July 2022 15:45:42 Hours
231 වන බලසේනාවේ භටපිරිස් විදේශගත ශ්‍රී ලාංකිකයෙකුගේ අනුග්‍රාහකත්වය මත මඩකලපුව උන්නච්චි සහ කුරුක්කල්මඩම් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි සලාක පාර්සල් 80 ක් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (16) දින ක්‍රියාත්මක කරන ලදී.
231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර ගේ උපදෙස් මත 4 වන ගැමුණු හේවා බලකාය සහ 11 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයන් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබිණි.
231 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව මඩකලපුව මහජන බැංකුවේ ප්‍රාදේශිය කළමනාකාර සිසිර කුමාර මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා විදේශගත පරිත්‍යාගශීලියෙකු සම්බන්ධ කරගනු ලැබූ අතර, එම ප්‍රදේශයන්හී ග්‍රාම නිලධාරින් සහ අනෙකුත් රාජ්‍ය නිලධාරින් සමඟ සාකච්ඡා කර මෙම වැඩසටහන සඳහා ප්‍රතිලාභින් තෝරාගනු ලැබූහ.
හාල්, පරිප්පු, සෝයාමීට්, පිටි, ධාන්‍ය වර්ග, කුළුබඩු සහ කරවල ආදියෙන් සමන්විත මෙම වියළි සලාක පාර්සල් යුද්ධ හමුදා භටපිරිස් විසින් ප්‍රතිලාභීන්ගේ නිවෙස් වෙත ගොස් බෙදාදෙනු ලැබූහ.
මෙම වැඩසටහන සඳහා 23 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් එස්.කේ. කුලතුංග, 231 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දිලූප බණ්ඩාර, 23 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 4 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී, 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්වූහ.