21st July 2022 16:00:42 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 241 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය (13) නිමිත්තෙන් පණ්ඩිරිප්පු ‘Vision Hopes’ ළමා නිවාසයේ නේවාසික දුවා දරුවන් සහ නින්තවූර් ඉන්ධන පිරවුම්හලේ ඉන්ධන ලබාගැනීම සඳහා රැඳීසිටින සිවිල් වැසියන් සඳහා ආහාර පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ගේ උපදෙස් හා 24 වන සේනාංකයේ සේනාංකාධිපති ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබූ මෙම වැඩසටහනේදී දරු දැරියන් සහ සිවිල් වැසියන් අතර ආහාර පාර්සල් 500 කට අධික ප්‍රමාණයක් බෙදාදෙන ලදී.
මෙම වැඩසටහන සඳහා 241 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චන්ද්‍රා අබේකෝන්, 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්.ආර්.කේ.ඩී. සිරිසේන ඇතුළු නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.