20th July 2022 16:45:00 Hours
බුත්තල පිහිටි යුද්ධ හමුදා යුද විද්‍යාලයේ 3 වන සේනාවිධායක ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් මානද යහම්පත් පසුගිය සඳුදා (18) දින නව ධූරයේ රාජකාරි භාරගන්නා ලදී.
එම පරිශ්‍රය වෙත සපැමිණි බ්‍රිගේඩියර් මානද යහම්පත් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. ඉන් අනතුරුව, එතුමන් ආගමික වතාවත් මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.
පසුව, මෙම අවස්ථාව සනිටුහන් කරමින් නව සේනාවිධායකතුමන් එම කඳවුරු පරිශ්‍රයේ ‘නා’ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව එම විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදී භටපිරිස් ඇමතුවේය. පසුව, එම විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් යුද්ධ හමුදා යුද විද්‍යාලයේ කාර්යභාරයන් පිළිබඳ නව සේනාවිධායකතුමන් දැනුවත් කරන ලදී.
මීට ප්‍රථම මෙම ධුරයේ රාජකාරි හෙබවූ මේජර් ජෙනරල් ලක්සිරි පෙරේරා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව බ්‍රිගේඩියර් මානද යහම්පත් මෙම ධූරයට පත්කෙරිණි.