20th July 2022 16:30:00 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන සේනාංකයට අයත් 223 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් මීට මාස තුනකට පෙර කාබනික පොහොර භාවිතා කරමින් මයිලවැව ප්‍රදේශයේ පුරන් වූ කුඹුරු අක්කර 1.5 ක් අස්වැද්දූ අතර පසුගිය සෙනසුරාදා (16) දින එම කුඹුරේ වී කිලෝග්‍රෑම් 1750 ක් නෙළාගන්නා ලදී.
රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන හරිත කෘෂිකාර්මික ප්‍රතිපත්තියට සමගාමීව සිදුකරනු ලැබූ හරිත කෘෂිකාර්මික වැඩසටහන සඳහා 2022 වසරේ අප්‍රේල් මාසයේදී මෙම බිම් කොටස තෝරාගැනීමෙන් පසු එහි කෘෂිකාර්මික කටයුතු ආරම්භ කරන ලදී. 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සනත් අලුවිහාරේ සහ 223 වන බලසේනාවේ බලසේනාධිපති ගේ අධීක්‍ෂණය මත මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන මෙම ව්‍යාපෘතිය සඳහා අවැසි මාර්ගෝපදේශයන් ලබාදෙමින් මෙම කෘෂිකාර්මික ව්‍යාපෘතිය වෙනුවෙන් භටපිරිස් දිරිමත් කළේය.
යුද්ධ හමුදා භටපිරිස් විසින්ම නිෂ්පාදනය කරනු ලැබූ කාබනික පොහොර භාවිතා කරමින් සිදුකරනු ලැබූ මෙම වී වගාවේ මංගල අස්වැන්න 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් විසින් නෙළාගනු ලැබූහ.
මෙම අවස්ථාව සඳහා 223 වන බලසේනාවේ බලසේනාධිපති, 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී, 223 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි සහ 6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්වූහ.