Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2022 17:15:00 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් වියළි සලාක පරිත්‍යාගයක්

ඌව - පරණගම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන්ගේ ආර්ථික දුෂ්කරතාවයන්ට සහන සැලසීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම වෙතින් තෝරාගත් අවශ්‍යතා සහිත පවුල් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහිත වියළි සලාක පාරසල් බෙදාදීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (15) දින ක්‍රියාත්මක කරන ලදී.

සහල්, පරිප්පු, ළූණු, සීනි, බිස්කට්, සෝයාමීට් සහ කුළුබඩු ආදියෙන් සමන්විත රුපියල් 568,000/= ක වටිනාකමකින් යුත් මෙම වියළි සලාක පාර්සල් මිලදී ගැනීම සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා ගේ ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රදේශයේ පදිංචි සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම පරිත්‍යාගශීලියෙකු වන ගෝපි මහතා අනුග්‍රාහකත්වය ලබාදුන්නේය.  

මෙම වියළි සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහන ඌව - පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී සිදුකෙරුණු අතර එහිදී, වියළි සලාක පාර්සල් 200 ක් බෙදාදෙන ලදී. මෙම අවස්ථාව සඳහා පරිත්‍යාගශීලී ගෝපි මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් සමන්ත සිල්වා, ඌව - පරණගම ප්‍රාදේශීය ලේකම්, රාජ්‍ය නිලධාරීන් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම නිලධාරීන් කිහිපදෙනෙකු එක්වූහ.