20th July 2022 17:30:00 Hours
පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 3 වන අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බ්‍රිගේඩියර් අනුරුද්ධ සෙනෙවිරත්න පසුගිය අඟහරුවාදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි සිය කාර්යාලයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායානූකූලව පැවැති උත්සවයකදී රාජකාරි කටයුතු ආරම්භ කළේය.
නව අධ්‍යක්‍ෂ ලෙස බ්‍රිගේඩියර් අනුරුද්ධ සෙනෙවිරත්න ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය.
මෙම අවස්ථාව සඳහා පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.
මීට ප්‍රථම පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ධූරය හෙබවු බ්‍රිගේඩියර් අනිල් පීරිස් ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය - සපුගස්කන්ද නියෝජ්‍ය සේනාවිධායක ධූරයට පත්විය.
බ්‍රිගේඩියර් අනුරුද්ධ සෙනෙවිරත්න නව පත්වීමට පෙර ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය සේනාවිධායක ලෙස කටයුතු කළේය.