Header

Sri Lanka Army

Defender of the Nation

20th July 2022 20:29:18 Hours

නව විධායක ජෙනරාල් රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ලෙස මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ බදාදා (20) දින පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදි.

නව කාර්යාලය වෙත සපැමිණි මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ මහා සංඝරත්නයේ පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. නව ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ යුද සේවා ලේකම් ධූරයේ රාජකාරි හෙබවීය.

මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ ඉන්දියානු හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 87 සහ ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ පාඨමාලා අංක 31 යටතේ කෙඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය බලසේනාවට එක්විය. මූලික පුහුණුව සාර්ථකව හැදෑරු එතුමන් දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ගජබා රෙජිමේන්තුවට අනුයුක්ත කරන ලදි.

යුද්ධ හමුදා විධායක ජෙනරාල් ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ 51 වන සේනාංකයේ සේනාංකාධිපති, යුද සේවා ලේකම් සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ ආරක්‍ෂක හා උපායමාර්ගික අධ්‍යයන පීඨයේ පීඨාධිපති ධූරය වැනි ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්‍ෂ කාර්යාලයේ සහ යුද්ධ හමුදා මූලස්ථානයේ මධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කරන ලදි.