19th July 2022 16:15:56 Hours
57 වන සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත 573 වන බලසේනාවට අයත් 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හී මූලිකත්වයෙන් පසුගිය සෙනසුරාදා (16) දින මුලතිව්, තිලූවාර් ප්‍රාථමික විද්‍යාලයේ අවශ්‍යතා සහිත සිසු සිසුවියන් 37 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ මාන්කුලම් ෂන්මුගරත්නම් ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය සඳහා ජල පිරිපහදු යන්ත්‍ර දෙකක් පරිත්‍යාග කරන ලදී.
මෙම දුෂ්කරතා සහිත පාසල්වල සිසු සිසුවියන්ගේ අධ්‍යාපන ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් 573 වන බලසේනාවේ භටපිරිස් විසින් සිදුකළ ඉල්ලීමකට අනුව ආර්.ඒ. රොෂාන් මධුරංග සහ අකිල ප්‍රභාත් යන මහත්වරුන් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍ය අනුග්‍රහකත්වය ලබාදුන්හ.
මෙම වැඩසටහන් සඳහා 571 සහ 573 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් කිහිපදෙනෙකු ද එක්වූහ.