19th July 2022 16:30:56 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් උදයාර්කට්ටු ප්‍රදේශයේ පිහිටි 681 වන බලසේනාවට අයත් 6 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් වල්ලිපුරම් ග්‍රාම නිලධාරි වසම යටතේ පිහිටි උදයාර්කට්ටු - දකුණ සහ තෙරාවිල් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින් සමඟ පසුගිය සිකුරාදා (15) දින සාකච්ඡාවක නිරත වෙමින් එම ප්‍රදේශයන්හී සිවිල් වැසියන් සඳහා සහන සැලසිය හැකි ආකාරය පිළිබඳ කරුණු සාකච්ඡා කරනු ලැබීය.
උදයාර්කට්ටු ප්‍රදේශයේ පිහිටි 6 වන ගැමුණු හේවා බලකා මූලස්ථානයේදී පැවති මෙම සාකච්ඡාවේදී එම ප්‍රදේශයන්හී සිවිල් වැසියන්ගේ දුෂ්කරතා, ඔවුන්ගේ වගා කටයුතුවල ප්‍රගතිය, ඒ ආශ්‍රිත ගැටලු සහ ඔවුන්ගේ දරුවන්ගේ අවශ්‍යතාවයන් වැනි කරුණු පිළිබඳ සාකච්ඡා කරන ලදි.
68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුම සහ 681 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික ගුණතුංග ගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ප්‍රදේශයේ සිවිල් වැසියන් මුහුණදෙන දුෂ්කරතාවයන් හඳුනාගනු ලැබීය.
මෙම අවස්ථාවට සමගාමීව, 6 වන ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ප්‍රදේශයේ ජීවත් වන විවිද අවශ්‍යතා සහිත පවුල් 10 ක් වෙත එක් පාර්සලයක වටිනාකම රුපියල් 4000/= ක් පමණ වන වියළි සලාක පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා ග්‍රාම නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ප්‍රදේශයේ විදුහල්පතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක්ද එක්වූහ.