19th July 2022 16:45:56 Hours
ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මූලස්ථාන බලඇණිය විසින් සංවිධානය කරන ලද යුද්ධ හමුදා පැරා - ක්‍රීඩා මේසපන්දු තරඟාවලිය 2022 ජූලි මස 12 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පවත්වන ලදී.
මෙවර තරඟාවලිය සඳහා යුද්ධ හමුදා රෙජිමේන්තු හයක් නියෝජනය කරමින් තරඟකරුවන් සහභාගී වූ අතර, තියුණු තරගයකින් අනතුරුව, විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලස්ථාන බලඇණිය නියෝජනය කරමින් සහභාගී වූ ක්‍රීඩකයන් විසින් තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය. විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලස්ථාන බලඇණියේ සැරයන් රුවන්තිලක දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට සමත්විය.
තරඟාවලියේ අවසන් වටයේ ප්‍රතිඵල පහතින් දැක්වේ.
ශූරතාවය - විජයබාහු පාබල රෙජිමේන්තුවේ මූලස්ථාන බලඇණිය
අනුශූරතාවය - ගජබා රෙජිමේන්තු මූලස්ථාන බලඇණිය
2 වන අනුශූරතාවය - ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලස්ථාන බලඇණිය