19th July 2022 17:00:56 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන සේනාංකයට අයත් 561 වන බලසේනා මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ මූල්‍ය දායකත්වය මත 561 වන බලසේනා මූලස්ථානය අවට ප්‍රදේශයේ වෙසෙන සිවිල් වැසියන්ගේ ආර්ථික දුෂ්කරතාවයන් පිළිබඳ දැනුවත්වීමෙන් අනතුරුව කනගරායකුලම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 30 ක් වෙත අත්‍යවශ්‍ය වියළි සලාක පාර්සල් බෙදාදීමට කටයුතු කරනු ලැබීය.
ආරක්‍ෂක අංශ සහ සිවිල් වැසියන් අතර සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම පරිත්‍යාග වැඩසටහන යටතේ එකක් රුපියල් 8000 ක වටිනාකමකින් යුත් වියළි සලාක පාර්සල් බෙදාදුන් අතර එම වියළි සලාක පාර්සල් පරිප්පු, සහල්, කිරිපිටි, නූඩ්ල්ස් සහ මිරිස් වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය වලින් සමන්විත විය.
මෙම පරිත්‍යාග වැඩසටහන 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන් ලියනගේ සහ 561 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංග කුලතිලක ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 17 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිළධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් එක්වූ අතර ඔවුන් ප්‍රතිලාභීන්ගේ නිවෙස් වෙත ගොස් වියළි සලාක පාර්සල් බෙදාදුන්හ.