19th July 2022 17:33:56 Hours
65 වන සේනාංකය යටතේ ස්ථාපිත 653 වන බලසේනාවේ ඉල්ලීමකට අනුව තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනමේ පූජ්‍ය ශ්‍රී සුමනරතන නායක හිමිපාණන් සහ සිංගප්පූරුවේ ‘Tan Ngak Buay & Kee Meng Lang’ පදනම වෙතින් ලබාදුන් අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් මන්නාරම, කිරිසුඩ්ඩාන් ග්‍රාම නිලධාරි වසමේ පදිංචිව සිටින අවශ්‍යතා සහිත පවුල් සඳහා වියළි සලාක පාර්සල් 50 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සිකුරාදා (15) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම පරිත්‍යාග වැඩසටහන 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසාද් එදිරිසිංහ හා 653 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නාමල් සේරසිංහ ගේ උපදෙස් සහ 653 වන බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරී ලුතිනන් කර්නල් ජේ.ඒ.ඩී.පී. ගනේහිආරච්චි ගේ සම්බන්ධීකරණයෙන් පැවැත්වූ අතර, එහිදි බෙදාදෙනු ලැබු වියළි සලාක පාර්සල් තුළ සහල්, පරිප්පු, කිරිපිටි, මිරිස් සහ කුළුබඩු ආදිය අන්තර්ගත විය.
මෙම අවස්ථාව සඳහා අනුග්‍රාහක භවතුන්, නිලධාරින් සහ සෙසුනිලයන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.