Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2022 18:03:04 Hours

යුද්ධ හමුදා මූලස්ථානයේ නව යුද සේවා ලේකම් රාජකාරි අරඹයි

නව යුද සේවා ලේකම් ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට පසුගිය සඳුදා (18) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති චාම් උත්සවයකදී රාජකාරි භාරගන්නා ලදී.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක ධූරය ද හොබවන මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ධූරය හෙබවූවේය.

මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට නව කාර්යාලයේදී ආගමික වතාවත්හී නිරත වීමෙන් අනතුරුව සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කළේය.

වර්ෂ 1988 දී කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද්ධ හමුදාවට බැඳුණු මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය තුලින් මූලික පුහුණුව සාර්ථකව හැදෑරීමෙන් අනතුරුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙත අනුයුක්ත කරන ලදී. යුද සේවා ලේකම් ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක සහ 61 වන සේනාංකයේ සේනාංකාධිපති වැනි ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇත.