18th July 2022 17:30:04 Hours
යාපනය අර්ධද්වීපයේ කෙවිල් සහ කඩ්ඩෙයිකාඩු ගම්මානවල වෙසෙන අඩු ආදයාම්ලාභී පවුල්වල 6 ශ්‍රේණිය සිට 9 ශ්‍රේණිය දක්වා සිසු සිසුවියන්ගේ ඉංග්‍රීසි භාෂා නිපුණත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදාව වෙතින් සංවිධානය කරනු ලැබූ ‘ඉංග්‍රීසි භාෂා නිපුණතා සංවර්ධන’ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (16) දින ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ භටපිරිස්හී මූලිකත්වයෙන් ආරම්භ කරන ලදී.
මෙම වැඩසටහන 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න ගුණරත්න ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයේ ඉංග්‍රීසි භාෂා උපදේශක කපිතන් සුනෙත් රත්නායක ගේ මූලිකත්වයෙන් එම සේනාංක මූලස්ථානයේදී සෑම සෙනසුරාදා දිනකම පෙරවරු 9 සිට 11 දක්වා පැවැත්වේ.
ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන්ගේ ඉංග්‍රීසි භාෂා නිපුණතාවය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම ඉංග්‍රීසි භාෂා පුහුණු වැඩසටහන ආරම්භ කරන ලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ගේ උපදෙස් මත ආරක්‍ෂ හමුදාවන් සහ සිවිල් වැසියන් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කරමින් ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ලෙස පැවැත්වෙන මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය පසුගිය සෙනසුරාදා (11) දින එම ප්‍රදේශයේ සිසු සිසුවියන් 20 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.