Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2022 15:00:04 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකා සාමාජිකයින්ගේ ගර්භනී භාර්යාවන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලබන තවත් එක් සුබසාධන වැඩසටහනක් ලෙස පසුගිය සිකුරාදා (15) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සාමාජිකයින්ගේ ගර්භනී භාර්යාවන් 137 දෙනෙකු වෙත විශේෂ දිවා භෝජන සංග්‍රහයක් සහ ළදරුවන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකා මූලස්ථානය වෙතින් ගර්භනී කාන්තාවන් වෙත එම මූලස්ථාන පරිශ්‍රය වෙත ආරාධනා කර පෝෂ්‍යදායී දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූ අතර ඔවුන් වෙත ළදරුවන්ගේ පරිහරණය සඳහා අවශ්‍ය කරනු ලබන ද්‍රව්‍ය ද පරිත්‍යාග කරන ලදී.

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් රවීන්ද්‍ර මීගමආරච්චි ගේ උපදෙස් මත එම බලකායේ සාමාජිකයින්ගේ පවුල් සඳහා සහන සැලසීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් සසංක පෙරේරා ඇතුලු නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් සහභාගී වූහ.