18th July 2022 19:32:57 Hours
පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශයේ පසුගිය දා ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා එම ස්ථානයෙහි රාජකාරියේ නිරතව සිටියදී තුවාල ලැබූ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු විජයබාහු පාබල රෙජිමේන්තුවේ සහ ගැමුණු හේවා බලකායේ භටපිරිස්හී සුවදුක් විමසීම සඳහා, යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ සහ ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල සති අන්තයේ කොළඹ යුද්ධ හමුදා රෝහලේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
මෙම සංචාරයේදී, විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරය ද හොබවනු ලබන යුද්ධ හමුදා මූලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් නිශාන්ත මානගේ තුවාල ලැබූ රණවිරුවන් සමඟ සුහද අදහස් හුවමාරුවක නිරත වූ අතර ඔවුන් රටේ යහපත වෙනුවෙන් කැපවීමෙන් හා විනයගරුකව සිදුකරනු ලැබූ සේවය ද පැසසුමට ලක්කළේය.
මෙම සංචාරයේදී මේජර් ජෙනරල් නිශාන්ත මානගේ වෛද්‍ය බලධාරින් සමඟ තුවාල ලැබූ රණවිරුවන්ගේ සෞඛය තත්ත්වය පිළිබඳ විමසා බැලීමෙන් අනතුරුව ඔවුන් වෙත ලබාදෙනු ලබන ප්‍රතිකාර කටයුතු පිළිබඳව ද විමසා බැලීය.
ඉන් අනතුරුව, තුවාල ලැබූ රණවිරුවන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල රටේ යහපත වෙනුවෙන් එම රණවිරුවන් සිදුකරනු ලැබූ සේවය පැසසුමට ලක්කරන ලදී.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත සිදුකරනු ලැබූ මෙම සංචාරය සඳහා ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුභාත් සංජීව, 1 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එච්.පී.සී. කරුණාරත්න සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු සැරයන් මේජර් එක්වූහ.
පාර්ලිමේන්තු සංකීර්ණය අවට ප්‍රදේශයේ පසුගිය බදාදා (13) දින ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා එම ස්ථානයෙහි රාජකාරියේ නිරතව සිටියදී විරෝධතාකරුවන් පිරිසක් විසින් යුද්ධ හමුදා සාමාජිකයින් වෙත පහරදීමක් සිදුකරන ලදී. එම සිදුවීමෙන්, තුවාල ලැබූ රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීම සඳහා වැඩබලන අතිගරු ජනාධිපති, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාපතිතුමන් කොළඹ යුද්ධ හමුදා රෝහල වෙත පැමිණියහ.